රාජසිංහ රජු පූජාකල පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාව එක්කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකුණන්න ගිය යකැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජු විසින් සම්බුද්ධ සාශනයට පූජාකරන ලද පස් ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට විදේශීකයෙකුට අලෙවි කිරීමට යාමේදී යකැදුරෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත වැටලීම කර ඇති බව සදහන් වේ.
මෙම බුද්ධ ප්‍රතිමාව රන්, රිදී, පිත්තල තඹ, සුදු යකඩ ලෝහයන්ගෙන් නිර්මාණය කර ඇති බවත්, අඩි තුනයි අඟලක උසකින් සහ අඩි දෙකයි අඟල් හයක පළලකින් යුක්ත බුද්ධ ප්‍රතිමාව කිලෝ ග්‍රෑම් 48 ක් බර බවත් සඳහන් වේ.
විශේෂ පුරාවිද්‍යාව වටිනාකමක් ඇති මෙම බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් වාර්තාවක් ලබාගැනීමට නියමිත බව ද සඳහන්වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට, දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු බලි තොවිල් තොල් ශාන්තිකර්ම සහ වෙනත් ප්‍රතිකාර සිදුකරන අයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
(සම්පත් කුලරත්න – කළුතර)
The post රාජසිංහ රජු පූජාකල බුද්ධ ප්‍රතිමාව ලොකු ගාණකට සුද්දෙකුට විකුණන්න ගිය යකැදුරා මාට්ටු appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/te62wxJ
via IFTTT

