Loading..

චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඊයේ (06) සවස පැමිණියාය.

ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ.

එම පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක මහතා ද වූහ.

එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත්ය.

The post චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0ErLI4v
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.