Loading..

119ට බොරු කියා ඉල්ලන් කාලා! අධිකරණයෙන් ලබා දුන් දඬුවම මෙන්න!

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සඳහන් ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකුට වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබෙනවා.

සැකකරු ඊයේ (03) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 06 වැනි දින සැකකරු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලදාරීන් මත්පැන් සාදයක් පවත්වන බවයි.

එම තොරතුර මත හැටන් සහකාර පොලිස් අධිකාරීවරයා ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ගොස් හදිසි පරික්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ අදාළ තොරතුර ව්‍යාජ තොරතුරක් බවයි.

ඒ අනුව සැකකාර ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදි සැකකරු විසින් වරද පිළිගෙන තිබේ.

ඒ අනුව සැකකරුට මෙලෙස අත්හිටවූ සිරදඬුවමක් හා විමර්ශණය සිදුකළ පොලිස් නිලධාරියා වෙත රුපියල් 10,000ක මුදලක්ද ගෙවන ලෙස නියම කර තිබෙනවා.

The post 119ට බොරු කියා ඉල්ලන් කාලා! අධිකරණයෙන් ලබා දුන් දඬුවම මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lX8ruHC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.