21 වැනි සියවසේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවස්නවා.
ජනාධිපතිවරයා මෙම අද්දස් පල කළේ, කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන “ඵුබ්ලිc ළේර්න් Eඩුcඅටිඔන් ඵ්ලට්ෆොර්ම්” හෙවත් පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් එළිදැක්වුණා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලොව ප්‍රමඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවන මෙම අධ්‍යාපන වේදිකාවට අරමුදල් සපයා ඇත්තේ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින්.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“දැනුමට ප්‍රතිලාභ හිමිවන සමාජයකය අපි අද ජීවත් වෙන්නේ. ඒ වගේම අපිට ඒ තරගයට එක්වෙන්න සිදුවෙලා තියෙනවා. ඇත්තෙන්ම අපි ඉහළම මට්ටමේ අය බිහිකරන්න ඕනේ. එය ශ්‍රී ලංකාවට දුෂ්කර කාරණයක් නෙමෙයි. කොතරම් අඩුපාඩු තිබුණත් මට හිතෙන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵළ ඉහළයි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අපේ සිතුම් පැතුම්වල පරිවර්තනයකුත් අවශ්‍ය වෙනවා. එය සැබැවින්ම අපට ළඟාකර ගතහැකි මෙවලමක්. අප දැන් ඉන්නේ එම අධ්‍යාපනයේ තුන්වැනි අදියරේ. ඒ ඩිජිටල්කරණය වූ අධ්‍යාපන පද්ධතියේ විවෘත වේදිකාවක් ඔස්සේ දැනුම භාවිත කිරීමයි. අප ඩිජිටල් ආර්ථිකයක් දෙස අවධානය යොමුකරන අතරම නවතම තාක්ෂණය යොදාගන්නත් අප බලාපොරොත්තු වෙනවා. අප බුද්ධිය පාවිච්චි කර සිතුවොත් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මගේ සමහර මිතුරන්ට එය අවශ්‍ය වෙනවා , 21 වැනි සියවසේ ආර්ථිකය මොකක්ද කියලා හඳුනාගන්න. මම හිතන්නේ අපට ඔවුන් සඳහාත් පංතියක් සකස් කරන්න පුළුවන්.”

The post ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව පන්ති යවන්න සැරසෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/j58Ep6u
via IFTTT

