Loading..

වැඩ වර්ජන වළක්වන්න අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍ර සඳහා නව නීතියක්

අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, නව නීති සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හට බලය පවරා තිබෙනවා.

ඊයේ පැවති ගුරු වර්ජනය හේතුවෙන් දරුවන් විශාල පිරිසකට අධ්‍යාපනයේ අයිතිය අහිමි වී ගිය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

The post වැඩ වර්ජන වළක්වන්න අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍ර සඳහා නව නීතියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nhBUEvs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.