Loading..

වෛද්‍යවරුන්ගේ අනුහසින් කේ. සුජීවාගේ කකුල බේරා ගනී

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී කේ. සුජීවාව ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.

ශල්‍යකර්මයෙන් අනතුරුව ඇයව සාමාන්‍ය වට්ටුවකට ඇතුළත් කළ බවයි වෛද්‍යවරයා පවසන්නේ.

ඇයගේ තත්වය මේ වනවිට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

The post වෛද්‍යවරුන්ගේ අනුහසින් කේ. සුජීවාගේ කකුල බේරා ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2BzyHAQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.