Loading..

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය දකුණේ අපේක්ෂකයෙක්ට – එම්.ඒ.සුමන්තිරන්

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය (ITAK) මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය නොදෙන බව පවසනවා.

ඒ බව, කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළා.

ජනාධිපති අපේක්ෂකයකු නියෝජනය කළ යුත්තේ එක් ජන කොට්ඨාසයක් පමණක් නොවන බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයෙක් සියලු ජන කොටස් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඔහු පැවසුවා.

ඒ අනුව, එක් ජන කොට්ඨාසයක් කෙරෙහි පමණක් අවධානය යොමු කර අපේක්ෂකයකු තෝරා නොගත යුතුය යන පදනම මත පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමේ වැඩ පිළිවෙලට සහය නොදක්වන බවයි ඔහු සඳහන් කළේ.

The post ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය දකුණේ අපේක්ෂකයෙක්ට – එම්.ඒ.සුමන්තිරන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VBN7dw6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.