Loading..

සාගලයි, සුසිලුයි හදිසියේම මහින්දව හමුවෙන්න යයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ(27) දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවී ඇත.

මෙහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇති බව සඳහන්.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පවත්වන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

The post සාගලයි, සුසිලුයි හදිසියේම මහින්දව හමුවෙන්න යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VavAwIi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.