ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.
ඇමරිකානු ඩොලර් බිලියන 37 ක මුළු විදේශ ණය වලින් ISB ඩොලර් බිලියන 12.5 ක් වන අතර මෙම ගිවිසුම රට තුළ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයේ තීරණාත්මක පියවරක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ.
වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනූව රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ජාත්‍යන්තර බැඳුම්කරවල සියයට 28ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බවයි.
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වේ.
ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා පසුගිය සතියේදී ගිවිසුම් අත්සන් කළේය..


The post ආරංචිය සුබ වෙයි! අධික පොලී අය කෙරෙන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට රජය සමත් වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/RDoLv9Q
via IFTTT

