Loading..

අධ්‍යාපන රාජ්‍ය ඇමති විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගෙන් සිදු කළ ඉල්ලිම

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකොට, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබාදීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

The post අධ්‍යාපන රාජ්‍ය ඇමති විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගෙන් සිදු කළ ඉල්ලිම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ydhv0s7
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.