Loading..

රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් ගැන විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව එකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු වීම් පිළිබඳ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඊයේ (29) දිනයේ දී අදාළ ස්ථාන මාරුවීම් චක්‍රලේඛය ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට නිකුත් කර තිබේ.

මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුව ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර තිබෙනවා.

The post රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් ගැන විශේෂ චක්‍රලේඛයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LYODy5t
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.