Loading..

ප්‍රධාන අපේක්ෂයෙක්ගෙන් ඇස් උඩ යන පොරොන්දුවක්! මාස 6කට වරක් වැටුප් වැඩිවීමක්!

සෑම මාස හයකට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹ පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාරුවීම් දේශපාලනයට යටත්වෙලා තියෙනවා ඒවත් දේශපාලනයෙන් තොරව සිදුකරනවා. ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනේ. සමහර අය බලනවා එයා වැඩකරනවා නම් ගෙවනවා නැත්නම් ගෙවන්නේ නෑ. එහෙම නෙමෙයි. ඔබ කාර්යයක් කරනවා. එවැනි රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබාදීම රජයේ වගකීම. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාලා තියෙනවා එකපාර 25,000 කතා බොරු. ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස 6කට සැරයක් ගණනය කරලා ලබාදෙන්න අපි සැලසුමක් හදලා තියෙනවා.”

The post ප්‍රධාන අපේක්ෂයෙක්ගෙන් ඇස් උඩ යන පොරොන්දුවක්! මාස 6කට වරක් වැටුප් වැඩිවීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9JqQpO2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.