Loading..

එංගලන්ත සංචාරයට නම් කමිඳු මෙන්ඩිස්ට හා වැන්ඩර්සේට එංගලන්තයට යන්න බැරි වෙයි

එංගලන්තයේ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වීසා ගැටලුවකට මුහුණ දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

අදාළ සංචිතය සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ ප්‍රමාද වී කැඳවීම හේතුවෙන් ඔහුගේ වීසා අයදුම් පත්‍රය යොමු කිරීමට පමා වූ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස්ගේ වීසා ඉල්ලුම ප්‍රධාන සංචිතය සමඟ භාර දීමට කටයුතු කර තිබුණා.

එංගලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වනදා පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 21 වනදා ආරම්භ වනවා.

The post එංගලන්ත සංචාරයට නම් කමිඳු මෙන්ඩිස්ට හා වැන්ඩර්සේට එංගලන්තයට යන්න බැරි වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/15SsafY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.