Loading..

තවත් ප්‍රබල මන්ත්‍රීවරයෙක් සජිත්ට සහාය දීමට තීරණය කරයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට එකඟතාව පළකර ඇත.

ඒ සඳහා වන ගිවිසුම අද (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය.

චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විවේචනය කරමිනි.

එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි.

The post තවත් ප්‍රබල මන්ත්‍රීවරයෙක් සජිත්ට සහාය දීමට තීරණය කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dlK71ui
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.