ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවීමට වගබලාගන්නා බව පැවැසුවද ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇති බව දන්වමින් පැෆරල් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
ඊට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත් නොකිරීමයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ පිළිබඳ වරින්වර අවිනිශ්චිතතාවයට පත්වීම රාජ්‍යයේ, පුරවැසියාගේ හා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ගෞරවයට බරපතළ හානියක් බවයි ඔවුන් එම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ.
පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් පත්කරගැනීමට ජනතාවට වසර 6 කට වැඩි කාලයක් ඉඩ නොලැබීම, පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරාගැනීමට තිබූ ඉඩකඩ දින නියමයක් නොමැතිව කල්දැමීම, විවිධ අවිනිශ්චිතතාවයන් මැද වසර 5 කට පසු ජනතාවට ජනාධිපතිවරයා තෝරාගැනීමට ඇති අවස්ථාව පිළිබඳව ද අවිනිශ්චිතතාවයක් ගොඩනැගීම යන කාරණා පිළිබඳව ද අවධානය යොමුකරන ලෙස පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ යොමු කර තිබේ.

The post ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිතයි – පැෆරල් සංවිධානය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/S6dQ51z
via IFTTT


