Loading..

ප්‍රචණ්ඩ වූ කාලගුණය අද සිට වෙනස් වෙයි! නවතම කාලගුණ නිවේදනය මෙන්න!

අද(22) දිනයේ සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

The post ප්‍රචණ්ඩ වූ කාලගුණය අද සිට වෙනස් වෙයි! නවතම කාලගුණ නිවේදනය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y58hg7I
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.