Loading..

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහාය හිමිවන ජනපති අපේක්ෂකයා පිළිබඳව ප්‍රකාශයක්

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණද ඒ කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක් ඔහු තුළ නොමැති බව  එතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසා ඇති බවට පුවතක් සති අන්ත පුවත්පතක් වාර්තා කර කරනවා.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තවදුරටත් සඳහන් කරන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් කාදිනල්තුමා මුණගැසීමට ඉල්ලීම් කළ අතර ඒ අනුව එම ඉල්ලීම් කරන ලද අපේක්ෂකයන් පමණක් තෝරාගැනීමකින් තොරව හමුවීමට තීරණය කළ බවයි.

එලෙස අපේක්ෂකයන් හමුවූ පමණින් ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට සහාය දීමක් හෝ ඔවුන් පිළිබඳ කතෝලික සභාව හෝ කාදිනල්තුමා කිසිදු සන්සන්දනය කිරීමක් නොකරන බවද සිරිල් ප්‍රනාන්දු පියතුමා පවසා තිබෙනවා.

එබැවින් කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කරන්නේ ද යන්න බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තීරණයක් හා වගකීමක් බව,  කාදිනල්තුමාගේ සහ කතෝලික සභාවේ අදහස බවද  ඔහු තවදුරටත් සඳහන් කරනවා.

The post මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහාය හිමිවන ජනපති අපේක්ෂකයා පිළිබඳව ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wRi90Bf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.