Loading..

මත් කුඩු ගන්න ත්‍රීවිල් දහයක් ඉස්සූ අයියා මලෝ දෙපළ

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට ත්‍රිරෝද රථ දහයකට අධික සංඛ්‍යාවක් කොල්ල කෑ බව පැවසෙන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 22 හැවිරිදි සහ 24 හැවිරිදි නවගමුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය, නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුධවලින් පහරදී මෙලෙස කොල්ලකෑම් සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සොරකම් කරන ලද බවට ලැබුණු පැමිණිලිමත විමර්ශන ආරම්භකළ පොලිසියට ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21ක්, කොල්ලකන ලද ත්‍රිරෝද රථ දහයක්, ත්‍රිරෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බවට සැකකෙරෙන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්ද පොලි භාරයට ගෙන තිබෙනවා.

The post මත් කුඩු ගන්න ත්‍රීවිල් දහයක් ඉස්සූ අයියා මලෝ දෙපළ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SRauyDX
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.