Loading..

තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගු රියදුරු නිසා දෙදෙනෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන බස් නැවතුම්පළේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යට කරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බව සඳහන් වනවා.

අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 පුද්ගලයෙක්.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

දවල් ආහාරය ගැනීමෙන් පසු එක් පුද්ගලයෙකු විටක් මිළ දී ගැනීමට පාරේ අනිත් පස ඇති කඩයකට ගිය සිටි අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි බස් රථය පිරිස යට කරගෙන වෙළඳසැලට කඩා වැදී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාව වන විට මස් වෙළඳසැල වසා දමා එය පවත්වාගෙන යන පුද්ගලයා නිවස කරා පිටත්ව ගොස් තිබූ හෙයින් ඔහුගේ දිවි අනූ නවයෙන් බේරී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බස් රථය එකවරම දකුණට කැපුණු බවත් එම අවස්ථාවේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත් ප්‍රකාශ කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

The post තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගු රියදුරු නිසා දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HdnRjf0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.