Loading..

අමාත්‍යධූරයක් තමා යටතට පවරා ගනිමින් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ නියම පරිදියි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

The post අමාත්‍යධූරයක් තමා යටතට පවරා ගනිමින් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ugEWQp9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.