ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය.
නමුත් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ වසර 26කින් හෙවත් 1998 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයකි.
1998 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතු විය.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර
The post වසර 26ක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද තරගයේදී සුවිශේෂී අවස්ථාවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tMN2iLK
via IFTTT


