බිබිල නාගල ප්‍රදේශයේදී ඊයේ(05) රාත්‍රී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවය.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! 47ක් රෝහලට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ka0DuKy
via IFTTT


