Loading..

රනිල් – අනුර ප්‍රසිද්ධ විවාදයක්! අනුරගේ අභියෝගයට රනිල්ගෙන් ප්‍රතිචාර!

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක මහතා විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
 
වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

“මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.”

The post රනිල් – අනුර ප්‍රසිද්ධ විවාදයක්! අනුරගේ අභියෝගයට රනිල්ගෙන් ප්‍රතිචාර! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GpoIEmY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.