ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.
මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය.
ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.
මේ අතර, ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.
ඒ අනුව නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට අදාළ මහ මැතිවරණයේ නාම යොජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වනදා සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.
මැතිවරණ කොට්ඨාස 22 අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙණු ඇත.
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
The post ජනපති අද ජාතිය අමතයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qCVU8jJ
via IFTTT


