Loading..

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද! අගමැති හරිනි ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇත.

නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.

ඒ අනුව එලෙස පිහිටුවන ලබන අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍ය ධූරය හරිනි අමරසූරිය මන්ත්‍රීවරියට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම තවත් නව අමාත්‍යංශ ලේකම් ධුර කිහිපයක් පිරි නැමීමට ද නියමිතව තිබේ.

The post නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද! අගමැති හරිනි ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sdfPg4m
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.