තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ(06) තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්විය.
පළමු දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉතා ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ. ආර්. කේ. රණසිංහ මහතා පවසයි.
ඊයේ පැවති මධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ පළමු දින දෙක තුළ සියයට අසූව ඉක්මවා ගිය පිරිසක් තැපැල් ඡන්දය භාවිතා කළ බවයි.
“මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.
අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග.”
2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.
මේ අතර අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වෙයි.
ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

The post තැපැල් ඡන්දය භාවිතා කිරීම ඉතා ඉහළ අගයක! ඡන්ද වැටුණු ප්‍රතිශත හෙළි කරයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uXo2JjY
via IFTTT


