රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණා.
එම නිවේදනයේ සඳහන් වන්නේ එම උත්සවය පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවයි.
The post රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කෙරේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/atYgP6A
via IFTTT


