Loading..

නාමල් රාජපක්ෂව ජාතික වස්තුවක් කිරීමට පොහොට්ටුව සැරසෙයි! මහමැතිවරණය මග හරින ලකුණු!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවට ඉගි පළ වී ඇත.

ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තුවට පිවිසීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ලෝකයේ කතාබහක් නිර්මාණය වෙමින් පවතී.

මෙම කතාබහ තහවුරු කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ඊයේ පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කරන ලද්දේ, නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී සමස්ත රටම ආවරණය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන බැවින්, මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්‍රික්කයකින්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා එක් දිස්ත්‍රික්කයකට සීමා නොවී රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට සූදානම් බවයි.

The post නාමල් රාජපක්ෂව ජාතික වස්තුවක් කිරීමට පොහොට්ටුව සැරසෙයි! මහමැතිවරණය මග හරින ලකුණු! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jk93vsf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.