Loading..

බෝවන රෝග පැතිර යාමේ අවදානමක්

ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කරන්නේ පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.

මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසුදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමට යොමුවිය යුතු බවත් එම ආහාර උණුවෙන් සකස් කර ලබා ගත යුතු බවත් එම සංගමය සදහන් කරනවා.

එසේම විශේෂයෙන්ම ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පානය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවද එම සංගමය ජනතාවට දන්වා සිටිනවා.

ඒ වගේම මේ දිනවලදී ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැළඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටිනවා.

The post බෝවන රෝග පැතිර යාමේ අවදානමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1kL6JDS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.