Loading..

භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවය.

එමඟින් රජය විසින් අලුනින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාන යටතේම එලෙසම දීර්ඝ කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

The post භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/canXF2Y
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.