Loading..

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගැන ජනපති තීරණයක් ගැනීමට ජනපති සැරසෙයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (22 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයයේදී හෙට පෙරවරුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ වනවිට වෙළෙඳපොලේ සහල් මිලෙහි යම් ඉහළ යාමක් පවතින බවත්, නාඩු සහල්වල අඩුවක් දක්නට ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පැවැසීය.

නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220 ක පාලන මිලක් යොදා තිබෙන බවත්, නාඩු වී මිල ඉහළ යාම නිසා මෙම පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවට සහල් මෝල් හිමියන් පවසන බවත් ලේකම්වරයා කීවේය.

සහල් අර්බුදය, පොල්, බිත්තර මිල ගණන් ඉහළ යාම ආදී කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙන බවද ඔහු පැවසුවේය.

The post සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගැන ජනපති තීරණයක් ගැනීමට ජනපති සැරසෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xnTl3v2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.