සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීම පොලිස් නිලධාරීන් පිරිසකගේ සහ තවත් සිවිල් පුද්ගලයින් කිහිප දෙනකුගේ දැනුවත් වීමෙන් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එස්.එෆ් ලොක්කා ඝාතනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසකට සහ සිවිල් පුද්ගලයෙකුට මුදල් ලබාදී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම තොරතුරු තහවුරු කර ගැනීම සදහා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට අමතරව පොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන් වරයෙකුගේ, සහ කාන්තාවක ඇතුලු තවත් සිවිල් පුද්ගලයෙකුගේ නම්වලින් පවතින ගිණුම් වාර්තා අධිකරණයට ලබාදෙන ලෙසට නියෝග කළේය.
අපරාධ කල්ලි සාමාජික වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නැමැත්තා ඝාතනය කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික පේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මෙම නියෝගය නිකුත් කර ඇත.
The post උද්දිකගේ හා SF ලොක්කාගේ නඩු පත්තුවෙයි! පොලිසියේ පිරිසකගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවියෙන් නියෝගයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/RuGaV9N
via IFTTT


