Loading..

බදුල්ලේදී සිදුවූ අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අනතුර සිදුවන විට බස් රථය තුළ 42 දෙනෙක් සිට ඇති බවයි.

ඒ අතරට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළු පිරිස අයත් වූ බව සඳහන්.

එම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බවත් එහි සඳහන් ව තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

තවද අනතුරින් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බවයි.

එමෙන්ම ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එහි සඳහන් ව තිබේ.

The post බදුල්ලේදී සිදුවූ අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EPCpwa2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.