Loading..

අනියම් පෙම දෙදෙනෙකුට මරු කැඳවයි! තවත් කාන්තාවකට බරපතලයි!

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වනවා.

ඒ මොරවැව පොලිස් වසමේ වන්නකුලම් ප්‍රදේශයෙනි.

පොලිසිය සඳහන් කළේ පසුගිය සඳහා උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බවයි.

එලෙස මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

තුවාලකාරිය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

The post අනියම් පෙම දෙදෙනෙකුට මරු කැඳවයි! තවත් කාන්තාවකට බරපතලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RzIOYEQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.