Loading..

කියුබාවේ ප්‍රබල භූ කම්පන ද්විත්වයක්

නැගෙනහිර කියුබාවේ ඊයේ (10) ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබෙනවා.

මෙහි පළමු භූමිකම්පාව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබලතත්වයක් ගෙන තිබු අතර, එය සිදු වී පැයකට පමණ පසු රිච්ටර් මාපක 6.8අ ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළට සැතපුම් 25ක් පමණ ඔබ්බෙන් මෙම භූ කම්පන සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ.

කෙසේ වෙතත් මින් මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, භූමිකම්පාව කැරිබියන් දූපත් පුරා දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

The post කියුබාවේ ප්‍රබල භූ කම්පන ද්විත්වයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u90tUam
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.