Loading..

අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1:00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි ඇති වෙයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

The post අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EVXdGT5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.