Loading..

සහල් හිඟයට හේතුව බියර් නිෂ්පාදනය ද ?

බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, බියර් නිෂ්පාදනය කරන්න ලබාගන්නා කැකුළු සහල් නිපදවන්නේ නාඩු වී ලබාගැනීමෙන් බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ යූ.කේ. සේමසිංහ මහතා,

“බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ කැකුළු සහල්. නමුත් බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කැකුළු සහල් ලබාගන්නේ නාඩු වී වලින්. ඒ නිසා බියර් නිෂ්පාදනයට වැඩි ප්‍රතිශතයක් යොමු කළාම නාඩු සහල් නිපදවීම සඳහා අවශ්‍යකරන වී හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා.”

මේ අතර ගොවි සංවිධානද රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල පාලනයට කඩිනමින් මැදිහත් වන ලෙසටයි.

එමෙන්ම වෙළඳසැල්හිමියන් චෝදනා කරන්නේ තමන්ට මේ දක්වා පාලන මිලට සහල් නොලැබෙන බවයි.

The post සහල් හිඟයට හේතුව බියර් නිෂ්පාදනය ද ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3jRZVek
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.