Loading..

සයිනොපෙක් සමාගම ඉන්ධන මිල සංශෝධනය කරයි

ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සමානව තම සමාගමේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.

ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් නව මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල 309කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188කි.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර නොමැති අතර එම මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේ අලෙවි වනු ඇත.

The post සයිනොපෙක් සමාගම ඉන්ධන මිල සංශෝධනය කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kMlLNG8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.