Loading..

කාංචනට සිලිනඩරයේ ජාතික ලැයිස්තුවේ දොර වැසෙන ලකුණු! රනිල් යළි පාර්ලිමේන්තුවට ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්‍රී ධූරය පිරවීම තවත් මාස තුනකටවත් සිදු නොවන බව එම පෙරමුණේ ප්‍රබලයෙකු උපුටා දක්වමින්, සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. 

නව ප්‍රජාත්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා මේ වන විටත් රවී කරුණානායක මහතාව පත් කර තිබේ.

ඉතිරි වී තිබෙන අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කාංචන විජේසේකර, දිනේෂ් ගුණවර්ධන, නිමල් ලංසා, ෆයිසර් මුස්තාෆා වැනි පුද්ගලයින් පත් කරන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පුවත්පත වාර්තාකරන ආකාරයට, ඔවුන් කිසිවෙකුට එම මන්ත්‍රී ධූරය හිමි නොවනු ඇත. 

ඉතිරිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයටද එජාප ප්‍රබලයෙකු පත් කිරීමට නියමිත බවයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරන්නේ.

ඒ අනුව බොහෝ දුරට එසේ පත් කිරීමට නියමිතව ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම වීමේ ඉඩක් පවතින බවද ප්‍රකාශ කරයි. 

The post කාංචනට සිලිනඩරයේ ජාතික ලැයිස්තුවේ දොර වැසෙන ලකුණු! රනිල් යළි පාර්ලිමේන්තුවට ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RqtiwXL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.