Loading..

ගම්පහ වෙඩි තැබීමක්! අයෙක් මරුට!

ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින්ම පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

එහිදී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණකරු වයස අවුරුදු 39 ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. 

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

The post ගම්පහ වෙඩි තැබීමක්! අයෙක් මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LURAQJd
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.