Loading..

කථානායකවරයාට එරෙහිව පොහොට්ටුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙයි

කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසයි.

ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා මේ බව පැවසීය.

කථානායකවරයා මුල් අවස්ථාවේදී ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද  මේ සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී පැවසීය.

“තමන් සම්බන්ධව වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ජනතාවට දැනුම්වත් කරලා තිබිලා එය වැරදි බවට හෙළි වෙලා තියෙනවා නම් කථානායකවරයා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමස්ථ පරිපාලනයට ගරු කරමින් රටේ තුන්වැනි පුද්ගලයා වංචනිකයෙක් කියන නාමය දෙන්නේ නැතිව මේ තනතුරින් වහාම ඉවත් වීම. නමුත් අවාසනාවකට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. මේක සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක්.”

The post කථානායකවරයාට එරෙහිව පොහොට්ටුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rRAhlCG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.