Loading..

නව සංශෝධනයට අනුව ඔබේ වැටුපට අනුව ගෙවිය යුතු PAYE tax(උපයන විට බදු) මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ දැනුම් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා උපයන විට අයකෙරෙන බදු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය.

ඒ අනුව උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 150,000ක මාසික වැටුපක් හිමි අයෙක් උපයන විට බද්දෙන් 100%කින් නිදහස් වෙයි.

රුපියල් 150,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබුණි.

රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලකි.

රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා අඩුවෙයි.

එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් පමණි.

The post නව සංශෝධනයට අනුව ඔබේ වැටුපට අනුව ගෙවිය යුතු PAYE tax(උපයන විට බදු) මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i7ECuQF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.