Loading..

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා බව විභාග කොමාසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම පසුගිය අට වැනිදා ආරම්භ විය.

දින 40කටත් පෙර ප්‍රතිඵල ලබාදීමට තමා උපරිමයෙන් උත්සාහ කරන බව බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවිය.

ඒ සඳහා ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේ එම ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමටයි.

The post ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2KOI6Np
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.