විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධති ජනගත කිරීම ඊයේ(17) සිදු කළේය..
රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය සිදු කළේය.
ඒ, අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමටයි නියමිතව ඇත.
මෙහිදී විශ්‍රාමික මරණ වාර්තා කිරිමේ තොරතුරු පද්ධතිය, වැඩිදියුණු කරන ලද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සදහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයේ ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය සහ ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය ඊට ඇතුළත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.
අමාත්‍යංශය පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම අරමුණු වන බවයි.

The post විශ්‍රාමිකයන්ට සහන සලසමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිදු වූ නව වෙනස appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/yD6RuwI
via IFTTT

