Loading..

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

“මනුස්සයෙක්ට ඇප ලැබෙනවා කියන්නේ ඔහු චෝදනාවෙන් නිදහස් වෙනවා කියන එක නෙමෙයි. ඇප ලැබෙන්නේ ඇප පනතේ ප්‍රතිපාදන අනුව.

යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු රටින් පළා යන්නේ නැත්නම් ඇපදීම තමයි සාමාන්‍ය ස්වභාවය.යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි ඒකට අවශ්‍ය ක්‍රියාපටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත්අඩංගුවට ගත්තේ ඇප දෙනවා කියන්නේ නඩුයෙන් නිදහස් වෙනවා කියන එක නෙමයි.

යෝෂිත සම්බන්ධයෙන් වූ නඩුව ඉදිරියේදී පැවරෙනවා. නඩුව පවරන නිසා ඒකට අවශ්‍ය ක්‍රියා පටිපාටියේ කොටසක් වශයෙන් තමා ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඇප දෙනවා කියන්නේ ඔහු නඩුවෙන් නිදහස් වෙනවා කියන එක නෙමෙයි.”

The post යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/H8V3jNt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.