Loading..

Clean Sri Lanka වැඩසටහන යට‌තේ මාර්ග දෙපස ව්‍යාපාර කළ නොහැකිද ? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යට‌තේ මාර්ග දෙපස ව්‍යාපාර කිරීමට ඉඩ නොමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ වැඩසටහන නඩු ගොනු කරන ව්‍යාපෘතියක් නොවන බවයි, එහිදී ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා වන පනතක් මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නොමැති බව ද නලින්ද ජයතිස්ස මහතා කියාසිටියා.

එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යම් අයෙක් අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ නඩු පවරන ලෙසට උපදෙස් ලබාදී නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

The post Clean Sri Lanka වැඩසටහන යට‌තේ මාර්ග දෙපස ව්‍යාපාර කළ නොහැකිද ? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KbR6P3M
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.