පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.
එමෙන්ම එම ගැසට්ටුව මගින් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මෝටර් රථ ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති ආනයනකරුවෙකුට, ගැසට්ටුවේ සඳහන් රෙගුලාසි යටතේ වර්ගීකරණය කර ඇති මෝටර් රථ වෙළඳ අරමුණු සඳහා ආනයනය කිරීමට අවසර ඇති බවයි.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාළව පහත කොන්දේසි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව,
1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.
2. ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.
3. ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
4. මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.
5. යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.
6. කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.
7. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.
8. සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.
9. දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.
තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87හි ඇතුලත් වන මෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.
එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30%ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235) වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.
The post පෞද්ගලික වාහන ආනයනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි! පැන වූ කොන්දේසි 9 මෙන්න! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/CIsh0Ti
via IFTTT

