Loading..

වෙඩි තැබීමකින් ගාල්ල කැළඹෙයි! තිදෙනෙක් එතනම මරුට!

හිනිදුම පොලිස් වසමේ මහා බෝධිවත්තප්‍රදේශයේ නවාතැන්පොලකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (30) රාත්‍රී කාලයේ දී නවාතැන් පොලේ හිමිකරු ඇතුලු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් තිබුණා.

එසේ වෙඩි වැදුණු පුද්ගලයින් තිදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස්ඳහා හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post වෙඩි තැබීමකින් ගාල්ල කැළඹෙයි! තිදෙනෙක් එතනම මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/c9SgfDI
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.