සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
ස්වශන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා පවසන්නේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ හැකියාවක් පවතින බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගය උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන්ද ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
“සාමාන්‍යයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්,විශේෂයෙන් නහය සිරවීම,වතුර ගලන ගතිය, උගුර ඉදිමෙන ගතිය, කැස්ස සෙම සමග උණ වගේ රෝග ලක්ෂණ තියනව නම් ගොඩක් වෙලාවට ඒක ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මික තත්වයත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේකට බලපාන්නේ ක්ෂුද්‍ර ජීවින්. ක්ෂුද්‍ර ජීවින් වර්ග ගොඩක් ඉන්නවා. ඒ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් ඉහත ලක්ෂණ ඇති කරන්න පුලුවන්. සමහර අයට මේක සුලු ආබාධයක් වෙන්න පුලුවන්. ඒත් සමහර අයට ඒක නිව්මෝනියා වගේ දරුණු තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වැදගත්.”
The post දිවයින පුරා වෛරස රෝග ව්‍යාප්තියක්! වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/3oY9xan
via IFTTT

