Loading..

රාජ්‍ය සේවයට අදාළව විශේෂ චක්‍රලේඛයක්! සියලුම ආයතනවල අභ්‍යන්තර ඒකකයක්!

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. 

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මූලික අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ඒකකය පිහිටුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම අරමුණු අතර රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම ආදිය පවතින බව සඳහන්.

ඒ අනුව සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීමට නියමිතය.

එහි මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන් වේ.

The post රාජ්‍ය සේවයට අදාළව විශේෂ චක්‍රලේඛයක්! සියලුම ආයතනවල අභ්‍යන්තර ඒකකයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jyrbvC9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.